AFC Banner
Empty Ad
Empty Ad

සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ සහ ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ, සාගල රත්නායක, නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු තවත් පිරිසක් ද එම සමුළුවට සහභාගී වීම සදහා මෙරටින් පිටව ගිය බවයි ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම පිරිස අද (23) අලුයම 12.30ට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 178 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

ඔවුන් එම ගුවන් යානයෙන් පළමුවෙන්ම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරයෙන් පසුව මෙම පිරිස ජපානයේ ටෝකියෝ නුවර එළඹෙන 25 වනදා සිට 26 දක්වා පැවැත්වෙන ආසියාවේ අනාගතය සමුළුවටද සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?