සැක කටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් මැදවච්චිය නගරයේ

A9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය නගරයේ ඇඟලුම් කම්හල ඉදිරිපිට ලංගම කාර්මික වැඩපොළ අසල වැටී සිටි මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමෙන් අනතුරුව මැදවච්චිය පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිණි මැදවච්චිය පොලිසිය සිදු කළ පරීක්ෂාවේ දී මාර්ගය අසල කුඩා ළඳු කැලෑවක තිබී මෙම මළසිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, ඒ වන විටත් මළසිරුර හඳුනාගත නොහැකි ආකාරයට විනාශ වී තිබූ බවයි පැවසෙන්නේ.

සිද්ධිය පිළිබඳ ව මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පස්වරුවේ මැදවච්චිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකළ අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ඒ අනුව මෙම මරණය පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු මැදවච්චිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46