සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – නැවත සමීක්ෂණය ගැන දැනුම්දීමක්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (19) රාත්‍රියේ අන්තර්ජාලය වෙත නිකුත් කරනු ලැබුවා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකියි.

මේ අතර අයදුම්කරුවන් සඳහා https://onlineexams.gov.lk/eic සබැඳියට පිවිස, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කර ගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට අද (20) දින සිට පහසුකම් සලසා තිබෙනවා.

විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිත කර https://onlineexams.gov.lk/eic වෙත පිවිස, තම පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගත හැකියි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට 2026 ජූනි මස 25 වන දින සිට 2026 ජූලි මස 08 වන දින දක්වා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව (Online) අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් පවතින්නේ නම් පහත දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගැනීමටද විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබෙනවා.

ක්ෂණික ඇමතුම් අංකය: 1911

දුරකථන අංක: 0112785922, 0112784537, 0112786616, 0112784208

ෆැක්ස් අංකය: 0112784422

විද්‍යුත් තැපෑල (Email): [email protected]

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා අයදුම්කරුවන් 451,463දෙනෙකු පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01