සාර්ක් අක්‍රීය කිරීම ගැන ජයිශංකර් පාකිස්තානයට චෝදනා කරයි

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය (සාර්ක්) මුහුණදෙන අරගල සඳහා මූලික හේතුව පාකිස්තානය දකුණු ආසියාවේ දේශසීමා ත්‍රස්තවාදය පෝෂණය කිරීම බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.

ජයිශංකර්ගේ විවේචනය පැමිණෙන්නේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුව සඳහා පකිස්තානයට පැමිණීමට නියමිතව ඇති පසුබිමකයි.

සාර්ක් සංවිධානයේ ප්‍රගතියට ඇති ප්‍රධාන බාධාව ලෙස දේශසීමා ත්‍රස්තවාදය සඳහන් කළ ඔහු, එක් සාමාජික රාජ්‍යයක් අවම වශයෙන් තවත් එක් සාමාජිකයෙකුට එරෙහිව දේශසීමා ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන්නා.

ජයිශංකර් නවදිල්ලියේ පැවති දේශනයක දී අවධාරණය කළේ සාර්ක් සමුළුව නොපැවැත්වුණ ද කලාපීය ක්‍රියාකාරකම් නතර වී ඇති බවක් එයින් අදහස් නොවන බවයි.

ගෙවී ගිය වසර 5ක කාලය තුළ ඉන්දීය උප මහාද්වීපයේ කලාපීය ඉන්දියාව මැදිහත් වූ ඒකාබද්ධතාවක් දැක ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වර්තමානයේ බංග්ලාදේශය, නේපාලය, භූතානය, මියන්මාරය සහ ශ්‍රී ලංකාව වැනි රටවල මාර්ග සංවර්ධන ව්‍යාපෘති, යාත්‍රා සේවා ආරම්භ කිරීම, පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම වැනි අංශ කිහිපයක් ජයිශංකර් මතු කර දැක්වූවා.

අසල්වැසි රටවල ඒ සියල්ල සිදුවන්නේ අසල්වැසියා පළමුව යන ප්‍රතිපත්තිය මත බව එස් ජයිශංකර් අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57