පේරාදෙණිය – ගලහ මාර්ගයේ කෝණ පාලම අසල රක්ෂිතයේ හට ගත් ගින්න මේ වන විට නිවා දමා තිබෙනවා.
ඊයේ (01) පස්වරුවේ මෙම ගින්න හට ගත් අතර මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ එය නිවා දැමීම සඳහා යොදවා තිබුණා.
මේ අතර, පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ද ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
එය අද (02) අලුයම දක්වා පැවති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.
ගින්නෙන් රක්ෂිතයේ සංවේදී පරිසර කලාපයට ද හානි සිදුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1