spot_imgspot_img

සහරාන්ගේ දේශනවලට ගිය අයෙක් ඇප මත නිදහස් වී ඇතැයි නීතිපති අධිකරණයට දන්වයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කිරීමට නායකත්වය දුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ මහනුවර ප්‍රදේශයේ දේශනවලට සහභාගී වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මොහොමඩ් අසීෆ් ආබ්දීන් නැමැත්තෙකු මුදාහැරීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව අදාළ සැකකරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මෙම දැනුම්දීම සිදු කළේ.

අදාළ පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සැප්තැම්බර් මස 01 වනදා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? යන්න දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව අදාළ පෙත්සම යළි නොවැම්බර් මස 21 ද කැඳවීමටද දින නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?