Fly high Get bonus Aviator Phone

සබරගමු සිදුවීමට හිරේ ගිය සිසුන් සිව්දෙනා ඇතුළු 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු තහනම් (නිවේදනය)

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අද (05) අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර සිසුන් සිව්දෙනා සහ තවත් සිසුන් අට දෙනෙකුගේ අධ්‍යයන කටයුතු තහනම් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අද පස්වරුවේ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් සිව්දෙනෙකු අද පස්වරුවේ සමනලවැව පොලිසියට භාර වී තිබෙනවා.

එම සිසුන් සිව්දෙනා ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බවයි වාර්තාකරු පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) රාත්‍රියේ දී අත් අඩංගුවට ගන්නා ලද සැකකාර තෙවැනි වසරේ සිසුන් සිව්දෙනා අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් මැයි මස 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
42
+1
3
+1
27
+1
2
+1
3
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?