සබරගමු සිදුවීමට හිරේ ගිය සිසුන් සිව්දෙනා ඇතුළු 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු තහනම් (නිවේදනය)

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අද (05) අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර සිසුන් සිව්දෙනා සහ තවත් සිසුන් අට දෙනෙකුගේ අධ්‍යයන කටයුතු තහනම් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අද පස්වරුවේ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් සිව්දෙනෙකු අද පස්වරුවේ සමනලවැව පොලිසියට භාර වී තිබෙනවා.

එම සිසුන් සිව්දෙනා ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බවයි වාර්තාකරු පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) රාත්‍රියේ දී අත් අඩංගුවට ගන්නා ලද සැකකාර තෙවැනි වසරේ සිසුන් සිව්දෙනා අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් මැයි මස 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33