සඳේ රහස් සොයන ප්‍රග්‍යාන් රෝවරය සඳ මත කෙටි නින්දකට යවයි

ඉන්දියාවේ චන්ද්‍රයාන් – 03 මෙහෙයුමේ ප්‍රග්‍යාන් රෝවරය විවේක ගන්වා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරනවා.

මෙතෙක් එම රෝවරයේ පැවරුම් සම්පූර්ණ කර ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ.

ඒ, අනුව රෝවරය ආරක්ෂිතව නවතා නිද්‍රාගන්වා ඇති බවයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ට්විටර් හෙවත් හි X හි සටහනක් තබමින් පවසා ඇත්තේ.

“දැනට, බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය වී ඇත. සූර්ය පැනලය, සඳේ මීළඟ ඉර උදාව සිදුවන 2023 සැප්තැම්බර් 22 වන දින දී ආලෝකය ලබාගැනීමට දිශානුගත කර ඇත. ග්‍රාහකය ක්‍රියාත්මක කර ඇත” යනුවෙන් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රාග්යාන් රෝවරය මෙම විවේක ගැන්වීමෙන් පසු නැවත ක්‍රියාත්මක නොවුවහොත් එය ඉන්දීය සඳ තරණ චාරිකාවේ තානාපතිවරයා ලෙස සදහටම පවතිනු ඇති බවයි ඉන්දීය අභ්‍යවකාශ සංවිධානය පවසන්නේ.

“තවත් පැවරුම් මාලාවක් සඳහා සාර්ථක පිබිදීමක් බලාපොරොත්තු වේ. එසේ නොමැති නම්, එය ඉන්දියාවේ චන්ද්‍ර තානාපතිවරයා ලෙස සදහටම පවතිනු ඇත.”

කිලෝග්‍රෑම් 26ක බරකින් යුත් ප්‍රග්‍යාන් රෝවරය රෝද හයක, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48