Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්

නැගෙනහිර පළාතේත්, පොලොන්නරුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (27) දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී තිබෙනවා.