මිලියන 200ක් වෙන් කළ කච්චිමඩුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් වූ කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයට අයත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (25) ආරම්භ කෙරුණා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 200ක්.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වුණා.

එහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ අද වන විට කෘෂිකර්මාන්තය හමුවේ අභියෝග රැසක් පවතින බවයි.

වාරිමාර්ග කටයුතු වෙනුවෙන් රජය විශාල මුදලක් වෙන්කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු හේතුවෙන් රජයේ වැඩ කටයුතු පවත්වාගෙන යාම අභියෝගාත්මක වී ඇති බවද පෙන්වා දුන්නා.

ගොවීන්ගේ වී අස්වැන්න සඳහා ප්‍රමාණවත් මිලක් ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, රජයේ ගබඩාවලට පමණක් වී මිලදී ගැනීමට නොහැකි බැවින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් එක් කර ගනිමින් රාජ්‍ය භාණ්ඩාගාරය හරහා එක් අයෙකුට රුපියල් කෝටි දෙකහමාර බැගින් පොළී රහිත ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.

එමෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන්ද රජයේ ප්‍රකාශිත මිලටම වී මිලදී ගන්නා බව හෙතෙම සඳහන් කළේය. ගොවීන් මුහුණ දෙන තෙත වී ප්‍රශ්නයට විසඳුම් ලෙස නව තාක්ෂණය ලබාදීමට රජය මැදිහත් වන බවද පැවසුවා.

ගොවීන් එකම වගාවකට හෝ කුඹුරට පමණක් සීමා නොවී පශු සම්පත් ක්ෂේත්‍රය කෙරෙහිද අවධානය යොමු කරමින් ආදායම් මාර්ග විවිධාංගීකරණය කරගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළා.

සත්ව ආහාර සඳහා බඩඉරිඟු ප්‍රධාන භෝගයක් වී ඇති අතර රටේ වසරකට බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් බවත්, ඉතිරි ලක්ෂ 4 ආනයනය කිරීම නතර කර ඒ වෙනුවට සහල් යොදාගැනීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පැවසුවා.

සහල්වලින් වෙනත් නිෂ්පාදන සිදු කිරීම මඟින් වී ගොවියාගේ ආර්ථිකය සරු කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වී වගාවේදී රසායනික පොහොර මෙන්ම කාබනික පොහොරද යෙදිය යුතු බවත්, පොහොර සහනාධාරය මෙන්ම වාරිමාර්ග පහසුකම් ලබාදෙමින් රජය ගොවියා ශක්තිමත් කිරීමට බැඳී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවද්සා සිටියා.

අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම බවත්, ඒ සඳහා ගොවි ජනතාවගේද සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25