spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සඳේ රහස් සොයන ප්‍රග්‍යාන් රෝවරය සඳ මත කෙටි නින්දකට යවයි

ඉන්දියාවේ චන්ද්‍රයාන් – 03 මෙහෙයුමේ ප්‍රග්‍යාන් රෝවරය විවේක ගන්වා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරනවා.

මෙතෙක් එම රෝවරයේ පැවරුම් සම්පූර්ණ කර ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ.

ඒ, අනුව රෝවරය ආරක්ෂිතව නවතා නිද්‍රාගන්වා ඇති බවයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ට්විටර් හෙවත් හි X හි සටහනක් තබමින් පවසා ඇත්තේ.

“දැනට, බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය වී ඇත. සූර්ය පැනලය, සඳේ මීළඟ ඉර උදාව සිදුවන 2023 සැප්තැම්බර් 22 වන දින දී ආලෝකය ලබාගැනීමට දිශානුගත කර ඇත. ග්‍රාහකය ක්‍රියාත්මක කර ඇත” යනුවෙන් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රාග්යාන් රෝවරය මෙම විවේක ගැන්වීමෙන් පසු නැවත ක්‍රියාත්මක නොවුවහොත් එය ඉන්දීය සඳ තරණ චාරිකාවේ තානාපතිවරයා ලෙස සදහටම පවතිනු ඇති බවයි ඉන්දීය අභ්‍යවකාශ සංවිධානය පවසන්නේ.

“තවත් පැවරුම් මාලාවක් සඳහා සාර්ථක පිබිදීමක් බලාපොරොත්තු වේ. එසේ නොමැති නම්, එය ඉන්දියාවේ චන්ද්‍ර තානාපතිවරයා ලෙස සදහටම පවතිනු ඇත.”

කිලෝග්‍රෑම් 26ක බරකින් යුත් ප්‍රග්‍යාන් රෝවරය රෝද හයක, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
6
+1
8
+1
6
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?