රුවන්වැලි සෑය අභියස පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු භික්ෂුන් පිරිසක් විසින් දියත්කරන ලද සත්‍යග්‍රහය හා මාරාන්තික උපවාස භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ වන විට රුවන් වැලි සෑය පුදබිම වෙත වැඩම කරවා තිබෙනවා.
රුවන්වැලි සෑය අබියස පැවති මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවේදී එම ස්ථානයේ තිබුණු අට්ටාලය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා බුද්ධ ප්‍රතිමා වහන්සේ රුවන්වැලි සෑය පුදබිමට වැඩම කරවීමට එම ස්ථානයට එක් වූ ප්‍රදේශවාසීන් පිරිසක් කටයුතු කළා.
අනතුරුව අනුරාධපුර පොලිසිය විසින් පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා හතර නමක් එම ස්වාමීන් වහන්සේලාගේ ආරක්ෂාව පතා පොලිසිය භාරයට පත් කරනු ලැබුණා.
මෙහිදී ඇතිවූ ගැටුමෙන් රාජාංගනය සද්ධාරතන හිමියන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.










