කෘෂිකර්මාන්තය තුළ ගොවියාට හිමිවන අදායම් විවිධාංගීකරණය කළ යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් වූ කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයට අයත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (25) අමතමින්.
”අපේ ආදායම් ලැබීම විවිධාංගීකරණය කරගන්න ඕනේ, කුඹුරෙන්ම ජීවත්වෙන්න හොඳ නැහැ. ඒ මතම යැපෙන්න හොද නැහැ. අඩුම තරමේ කිරි හරක් දෙන්නෙක් තුන්දෙනෙක්වත් හදා ගන්න පුළුවන් නම්, එහෙනම් පසු සම්පත් පැත්තත් අපි පොඩ්ඩක් බලන්න ඕනේ.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.













