පසුගිය දිනෙක සන්ද්‍යා එක්නැලි ගොඩ විසින් පැවැත්වූ හිස කෙස් පූජාව සහ තම ස්වාමියා අතුරුදන් කල අයට සාප කරමින් කල පූජාව පිළිබද මේ දිනවල අන්තර්ජාලය පුරාම කතා කෙරෙනවා.මිත්‍යා විශ්වාසයන් ලෙස බොහෝ දෙනෙක් බැහැර කල ද ඇතැම් දේශපාලකයන් මෙන්ම ව්‍යාපාරික ලෝකයේ බලවතුත් මේ පුජා විධික්‍රම පිළිබද ඉහලින් විශවාස කරනවා.
කෙසේ නමුත් සන්ද්‍යා එක්නැලිගොඩගේ පුජාවෙන් පසු දේශපාලන ලෝකයේ බලවතුන් කිහිපදෙනෙකුගේ සෞඛය තත්වයන්ට සුළු සුළු ආපදා සිදු වූ බව පැවසෙනවා.සැත්කම් ආදියටත් මුහුණ දීමට සිදු වූයේ පූජාව නිසාදැයි ඇතැම් තැන් වල කථා බහ කෙරෙනවා.
කෙසේ නමුත් අප මේ පූජවන් හෝ එයින් ලැබෙන ඵල ප්‍රයෝජනයන් පිළිබද විශේෂඥයන් නොවන නිසා මෙම පූජාවෙන්ම මේ සිදු වීම වූවාදැයි තතු විත්ති හරි ආකාරව අපට කියන්නට බැහැ.
කොහොම නමුත් කොළඹ නගරයේ විශාලම සම්මන්ත්‍රන ශාලාවක හදිසියේම පිරිතක් පැවැත්වුනේ මේ සාපයෙන් බේරෙන්න ද කියන එකත් බොහෝ දෙනා කථා බහට ලක් කලා.
ඉදිරියේ දී තිරුපති හෝ වෙනයම් තැනකට ගිහින් වස් දොස් පවාරණය කර ගන්න බොහෝ බලවතුන් සූදානම් බවත් අන්තර්ජාලයේ හා හෝවකුත් යනවා…