ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි ලබන 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුකරය අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී විත්තිකාර ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියා.













