ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතිනවා.
මේ නිසා එහි බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි ක්ලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල අද (16) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කලගුනා නිවේදනයේ සඳහන්.
මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි. මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පලාත් වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.













