මත්කරල් තොගයක් සමඟ 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ප්‍රදේශයේදී ඊයේ (15) දින සවස බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මත්කරල් 950 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අවුරුදු 19 ක් වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.