සති දෙකෙන් ගෑස් හිඟය අවසන් කරන්න පුළුවන් – ලාෆ්ස් සමාගම කියයි

ගෑස් බෙදාහැරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලාෆ් ගෑස් සමාගම සතුව පවතින බවත් නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දෙන්නේ නම් සති දෙකක් තුළ ශ්‍රී ලංකාවටම ගෑස් සැපයිය හැකි බවත් ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය අද ප්‍රකාශ කර සිටියා.

මීට පෙර දෛනිකව ගෑස් සිලින්ඩර 40,000 ක් 50,000ක් නිකුත් කළ ද අධිකරණයේ, ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික අධිකාරියේ නිර්දේශ අනුව ගෑස් පිරවීමේදී සහ බෙදාහැරීමේදී යම් ප්‍රමාදයක් සිදුවන බවත් මේ වන විට දෛනිකව සිලින්ඩර 10,000 ක් 15,000 ක් බෙදා හරින බවයි ඔහු සඳහන් කළේ.

ලාෆ් ගෑස් සිලින්ඩර එකතු කර නිල්පාට වර්ණයට හරවමින් සිටින සංවිධානාත්මක පිරිසක් පිළිබඳව ලැබුණු තොරතුරු පොලිස්පතිවරයාට ලබාදුන් බව පැවසූ සභාපතිවරයා ඒ පිළිබඳව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා දැනුවත් කළද ඔහු ඒ ගැන සැළකිල්ලක් නොදක්වන බව ද සඳහන් කළේ.

ගෑස් මිලදී ගැනීමේදී ජනතාව මුහුණදී සිටින දුෂ්කර තත්වය ගැන මීට ඉහතදීම බලධාරීන්ට පවසා සිටිය ද ලෝක වෙළෙඳපොලේ මිල ගණන් ඉහළ යන විට දේශීය මිල ගණන්ද මිල සූත්‍රයට අනුව ඉහළ දැමීමට ඉඩ දෙන ලෙස පසුගිය වසරේ මාර්තු මස සිට පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියද එයට අවස්ථාවක් නොලැබුණු බවත් වසර එකහමාරකට පමණ පසුව මිල වැඩිකරන විට සමාගම්වල පිරිවැය ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබූ බව ද සභාපතිවරයා කියා සිටියේ.

ප්‍රෝපේන් සහ බියුටේන් වෙන වෙනම ගෙන්වා නිසි සංයුතියට රට තුළ ගෑස් සැකසිය ලාෆ් ගෑස් සිදුකරන බවත් ශ්‍රී ලංකාවේ ගෑස් අර්බුදයට හේතුව එම සැපයුම්කරුවන්ගේ ඒකාධිකාරය මත වසර දෙකක ගෑස් සැපයුම ලබාගැනීම වෙනුවෙන් කළ මෙහෙයුමක අතුරුපලයක් බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි
01:25
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි - ගී හඬ නිහඬ වුණත්… ආදරය තවමත් ගලා එයි
01:30
Video thumbnail
අධිකරණ ඇමති සහ පොලිස් ඇමති නන්දා මාලනියට සමුදුන් අයුරු - ඇය ජාතික සම්පතක් - කලා ලෝකයට ලොකු පාඩුවක්
03:20
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:30
Video thumbnail
සැවොම හඬවමින් දැයෙන් සමුගත් නන්දා මාලනීගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී
01:33
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22