සංගමයට කළු පැල්ලමක් එක් නොකර සේවයට වාර්තා කරන්න – සුව ඇමති දොස්තරලාට කියයි (වීඩියෝ)

රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයට වර්තමාන නායකත්වය ලබාදෙන කණ්ඩායම, වෛද්‍ය නිලධාරීන් සංගමයට කළු පැල්ලමක් එක් නොකර පදනම් විරහිත වැඩ වර්ජනය අත්හැර සේවයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස දැනුම් දෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා පැවසුවේ පදනම් විරහිත අසාධාරණ හේතු මුල්කරගෙන මෙම වැඩ වර්ජනය රටට කරන බරපතළ අසාධාරණයක් සහ ජනතාවට සිදුකරන බරපතළ ද්‍රෝහීකමක් බවයි.

මෙහිදී වැඩිදුරටත් දහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, රජයේ වෛද්‍යවරුන් මෙලෙස වර්ජනයට පදනම් කරගත් හේතුව අවසන් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රෝහල්වල ආරම්භ කළ වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීමේ ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් සමඟ ඇතිකරගත් එකඟතා කඩකළ බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (09) පෙරවරු 8.00ට දිවයිනපුරා රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

ප්‍රකාශයට පත්කරන ලද පත්වීම් ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුවට විසඳුමක් ලබාදෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02