ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීමට පොසොන් පෝ දා ජනපතිගෙන් සියලුදෙනාට ඇරයුමක්

සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කර ගත හැක්කේ ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැඟීමෙන් පමණක් බව තරයේ විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අදට දී ඇති උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

එම ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැඟීමේ සාමූහික ප්‍රයත්නය වෙනුවෙන් සියලුදෙනා එකාවන්ව පෙළ ගැසෙමු’යි මෙම පොසොන් පොහොය දිනයේදී සියලුදෙනාට ආරාධනා කරන බවයි ජනධිපතිවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ජනාධිපති වරයාගේ පොසොන් පණිවිඩය,

”පොසොන් පොහොය ශ්‍රී ලංකේය අප⁣ට සුවිශේෂී වු සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයකි. ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භය සනිටුහන් වුයේ අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සිදු වු ඒ අසිරිමත් පොසොන් පොහොය දිනයේදීය.

සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්‍රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් විය. බුදු දහම හා බැඳුණු ජීවන රටාවකට මඟ පාදමින් සාරධර්මවලින් පොහොසත් ජන සමාජයක් බිහි වීමටද එය හේතුවක් විය.

එසේම, තිස්ස නිරිඳු අතින් දුනු හී ගිලිහීමෙන් සංකේතවත් වන්නේ පාලකයා සහ ජනතාව හිංසාව ඉවත ලා අවිහිංසාව වැළඳ ගැනීමයි. පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම් තුළ ඉස්මතු කර දැක්විය යුතු මහඟු ගුණාංගයක් වන්නේ අවිහිංසාවයි. විශේෂයෙන්ම මුළුමහත් ලෝකයම විවිධ මට්ටම්වලින් හිංසාවෙන් පීඩාවට පත්ව සිටින වත්මනෙහි අවිහිංසාව යනු තමන්ගේද, අනෙකාගේද ජීවන නිදහස හා අයිතිය සුරක්ෂිත කරන සනාතන වටිනාකමක් ලෙස සියලු හදවත්හි රඳවා ගත යුත්තකි; උගත යුතු හැසිරීමකි. එබැවින් පොසොන් පොහොය දිනයෙන් මූර්තිමත් වන අවිහිංසාවෙහි අගය වඩාත්ම දැනෙනුයේ අදටය.

අනුබුදු මිහිදු හිමියන් මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ තැනෙක “සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්” දැකිය යුතු බව කියවේ. අවශ්‍ය වන්නේ එම චින්තනය දරාගත් ශිෂ්ටසම්පන්න සහ වගකීම් සහගත මිනිසුන්ය. එම සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අප දෙවුර මත පැට වී තිබේ.

අප ප්‍රාර්ථනා කරන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කර ගත හැක්කේ එම ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැඟීමෙන් පමණක් බව මම තරයේ විශ්වාස කරමි. එම සාමුහික ප්‍රයත්නය වෙනුවෙන් සියලුදෙනා එකාවන්ව පෙළ ගැසෙමු’යි මෙම පොසොන් පොහොය දිනයේදී ඔබ සියලුදෙනාට ආරාධනා කරමි.”

ලක්වාසී සැමගේ සිත්සතන් ධර්මාවබෝධයෙන් ආලෝකවත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 ජූනි 10



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32