ශ්‍රී ලංකා යෞවනියෝ අබියස කැන්ගරු කතුන් පරදියි

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි හයදෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය ලකුණු 12කින් විශිෂ්ට ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ ප්‍රතිවාදී ඔස්ට්‍රෙලියාව පරාජයට පත් කරමින්.

මැලේසියාවේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු ව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 99ක් රැස් කළා.

සංජානා කවින්දි ලකුණු 19යි.

සුමුදු නිසංසලා ලකුණු 18ක් සහ මනුදි නානායක්කාර ලකුණු 14ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේදී ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභිනිය වූයේ Lily Bassingthwaighte යි.

ඇය ලකුණු 07කට කඩුලු 03ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රෙලියා යොවුන් කණ්ඩායමට කඩුලු 08ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 87ක් පමණයි.

චමෝදි ප්‍රබෝධා, ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුණේ කඩුලු 02ක බැගින් බිඳ දැමූ අතර ලිමංසා එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි සයදෙනාගේ වටයේ පැවති අවසන් තරගය විශිෂ්ට ලෙස ජයගත් අතර ස්කොට්ලන්තය සමග පැවති තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග අතහැර දැමීමෙන් එක් ප්‍රසාද ලකුණක් හිමිකර ගත්තා.

මේ සමග ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32