ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් චීනයට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චීන මහජන සමූහාණ්ඩුවේ පැවැත්වෙන වැඩමුළුවක් සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල්
කුමාර ගමගේ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සහභාගී වුණා.

චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් 2025 ජුනි 20 සිට ජූලි 6 දක්වා පැවැත්වෙනු ඇති.

ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරීන් සහ විධායක කමිටු සාමාජිකයින්ගෙන් මෙම නියෝජිත පිරිස සමන්විතයි.

ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ (දූත කණ්ඩායමේ නායක) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සමන්මලී ගුණසිංහ, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, අජිත් ගිහාන්, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, දිනින්දු සමන් හෙන්නායක, භාග්‍ය ​​ශ්‍රී හේරත්, අබූබකර් අතම්බාවා, අශෝක ගුණසේන සහ තනුර දිසානායක යන මහත්ම මහත්මීහූ මෙම වැඩමුළුවට සහභාගී ව සිටිනවා.

විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කින්ස් නෙල්සන්, බී.ආරියවංශ සහ නීතිඥ අනුරාධ ජයරත්න යන මහත්වරු ද
මෙම වැඩමුළුවට එක්ව සිටිනවා.

දූත පිරිස සමඟ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු සන්ධාන නිලධාරී රනිල්
නානායක්කාර සහ පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනී තිළිණි තුෂාරිකා ගමගේ යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීන් පිරිසක් ද මීට එක්ව සිටින අතර වැඩමුළුවේ සමාරම්භක උත්සවය ජුනි 22 වන දින චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේදී (NDRC) එහි ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චෙන් ෂුවායි මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා ද උත්සවයට සහභාගී වුණා.

2025 ජුනි 23 වන දින නියෝජිත පිරිස ජාතික මහජන කොංග්‍රසයට (NPC) ගොස් ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුවේ නියෝජ්‍ය සභාපති සහ චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති වැන්ග් කේ මහතා හමු වුණා.

මෙම හමුව අතරතුර, දෙපාර්ශ්වයම චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සුහද සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළා.

චීනයේ රැඳී සිටින කාලය තුළ, නියෝජිත පිරිස චීනයේ ජාතික තත්ත්වයන් සහ විවිධ අංශ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සිදු වනවා.

චීනයේ ‘එක් තීරයක් සහ එක් මාවතක්’ යන මුලපිරීම යටතේ සංවර්ධන අපේක්ෂාවන්, දරිද්‍රතාවය පිටුදැකීම, නාගරික සංවර්ධන සැලසුම්කරණය, ඩිජිටල් ආර්ථිකය, කෘත්‍රීම බුද්ධිය සංවර්ධනය කිරීම, ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය සහ කාබන් උදාසීනත්වය ඇතුළු කරුණු මීට ඇතුළත්.

මෙම සාකච්ඡා මගින් චීනයේ සංවර්ධන අත්දැකීම් පිළිබඳ නියෝජිත කණ්ඩායමේ අවබෝධය වැඩිදියුණු කිරීමත්, ශ්‍රී ලංකාව සහ චීනය අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමත් අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25