ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්ත පළමු ඉනිමෙන් ප්‍රබල පිළිතුරක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට සියල්ලන් දැවී ලකුණු 373ක් රැස් කිරීමට හැකියාව ලැබුණා.

ඒ, ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 355ට පිළිතුරු වශයෙන්.

නවසීලන්තය ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් සිටිනවා.

නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ටොම් ලේතම් ලකුණු 67ක් රැස් කිරීමට සමත් වූ අතර, නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩැරල් මිචෙල් පන්දු 193ක් තුළ ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුණා.

මෙය මිචෙල්ගේ 05 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය ද වනවා.

නවසීලන්ත පළමු ඉනිම ගොඩනැඟීමට සුපිරි ඉනිමකින් දායක වූ මැට් හෙන්රි වේගවත් ලකුණු 72ක් රැස්කළේ පන්දු 75ක් පමණක් වැය කරමින්.

ඔහුගේ මෙම ඉනිමට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් සහ ළහිරු කුමාර නවසීලන්ත කඩුලු 03ක් බිඳ දැමුවා.

ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන තරගයේ තුන්වන දිනය අදයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය දෙවන ඉනිම ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?