ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්ත පළමු ඉනිමෙන් ප්‍රබල පිළිතුරක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට සියල්ලන් දැවී ලකුණු 373ක් රැස් කිරීමට හැකියාව ලැබුණා.

ඒ, ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 355ට පිළිතුරු වශයෙන්.

නවසීලන්තය ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් සිටිනවා.

නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ටොම් ලේතම් ලකුණු 67ක් රැස් කිරීමට සමත් වූ අතර, නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩැරල් මිචෙල් පන්දු 193ක් තුළ ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුණා.

මෙය මිචෙල්ගේ 05 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය ද වනවා.

නවසීලන්ත පළමු ඉනිම ගොඩනැඟීමට සුපිරි ඉනිමකින් දායක වූ මැට් හෙන්රි වේගවත් ලකුණු 72ක් රැස්කළේ පන්දු 75ක් පමණක් වැය කරමින්.

ඔහුගේ මෙම ඉනිමට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් සහ ළහිරු කුමාර නවසීලන්ත කඩුලු 03ක් බිඳ දැමුවා.

ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන තරගයේ තුන්වන දිනය අදයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය දෙවන ඉනිම ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39