ක්‍රිකට් ආයතනයෙහි නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ විවාදය හෙට

“දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම” යන මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනා සම්මතය අනුව විවාදය හෙට (09) පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

මේ අනුව විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කිරීමට සහ ආණ්ඩු පාර්ශවය විසින් එය ස්ථීර කිරීමටයි මෙහිදී එකඟත්වය පළ වී ඇත්තේ.

ඒ අනුව, හෙට දිනයේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සහ 2023 මුදල් වර්ෂය සදහා රු. බිලියන 231.5 කට අදාළ අනුමතිය ලබා ගැනීම සදහා අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව පෙරවරු 09.30ට විවාදයකින් තොරව අනුමත කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා. එමෙන්ම හෙට විමසීමට නියමිතව තිබූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කිරීමටත් මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා.

අනතුරුව, හෙට පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා “දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම” යන මැයෙන් වන යෝජනාවට අදාළව විවාදය පැවැත්වෙන අතර පස්වරු 5.30ට එම යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයා සඳහන් කළේ.

‍මේ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දුෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතු යැයි ද, දුෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් යුතුව පවත්වා ගෙන යාම සඳහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු යැයි ද එකී යෝජනා සම්මතය මගින් දක්වා තිබෙනවා.

ක්‍රිකට් පරිපාලනය තුළ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නිර්දේශ මත පදනම්වයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුව පත් කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55