spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ආයතනයෙහි නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ විවාදය හෙට

“දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම” යන මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනා සම්මතය අනුව විවාදය හෙට (09) පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

මේ අනුව විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කිරීමට සහ ආණ්ඩු පාර්ශවය විසින් එය ස්ථීර කිරීමටයි මෙහිදී එකඟත්වය පළ වී ඇත්තේ.

ඒ අනුව, හෙට දිනයේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සහ 2023 මුදල් වර්ෂය සදහා රු. බිලියන 231.5 කට අදාළ අනුමතිය ලබා ගැනීම සදහා අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව පෙරවරු 09.30ට විවාදයකින් තොරව අනුමත කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා. එමෙන්ම හෙට විමසීමට නියමිතව තිබූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කිරීමටත් මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා.

අනතුරුව, හෙට පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා “දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම” යන මැයෙන් වන යෝජනාවට අදාළව විවාදය පැවැත්වෙන අතර පස්වරු 5.30ට එම යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයා සඳහන් කළේ.

‍මේ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දුෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතු යැයි ද, දුෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් යුතුව පවත්වා ගෙන යාම සඳහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු යැයි ද එකී යෝජනා සම්මතය මගින් දක්වා තිබෙනවා.

ක්‍රිකට් පරිපාලනය තුළ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නිර්දේශ මත පදනම්වයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුව පත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?