ශ්‍රී පාලි මණ්ඩපයට පුරප්පාඩුවක් ව පැවති ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය තුළ සිසුන් 850ක් පමණ අධ්‍යාපනය හදාරනු ලබන අතර, සිසුන් හට ක්‍රීඩා කිරීම හා ක්‍රීඩා උත්සව පැවැත්වීම සඳහා සුදුසු ක්‍රීඩා පිටියක් නොමැති වීම දැඩි අඩුපාඩුවක්ව පවතිනවා.

එබැවින් ඒ සඳහා පොදු ක්‍රීඩාංගණයක් ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය ඉඩම් කොටසක් නිදහස් කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය; අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ අනුව ශ්‍රී පාලි මණ්ඩපයට යාබදව ඇති කොටගල වැවිලි සමාගම යටතේ පවතින සොරණ වතුයායට අයත් වන, දැනට කිසිදු වගාවක් සිදු කර නොමැති අක්කර 2.5ක් වන ඉඩම් කොටසක් පොදු ක්‍රීඩාංගණයක් සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි වෙන් කර ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඇති බවත් ඊට අවසරය හිමි ව ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

එම ඉඩම් කොටස වන්දි රහිතව නිදහස් කිරීමට කොටගල වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාව ලැබී ඇති අතර, එම කාර්යය සඳහා එකී ඉඩම් කොටස වෙන් කර දීම සම්බන්ධයෙන් එම ඉඩම්වල ස්වර්ණමය කොටස් හිමිකරු වශයෙන් භාණ්ඩාගාරයේ ලේකම්ගේ අනුමැතිය ද ලැබී තිබෙනවා.

ඒ අනුව, කොටගල වැවිලි සමාගම යටතේ පවතින සොරණ වතුයායට අයත් ඉඩමෙන් අක්කර 2.5ක ප්‍රමාණයක් කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය වෙත පවරා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48