AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹේ (ඡායාරූප)

2024-2025 ශ්‍රී පාද වන්දනා වාරය අද (14) දිනයේ සිට ආරම්භ වුණා.

පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර, අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත් බලංගොඩ, බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර, පලාබද්දල සහ රජමාවත ඔස්සේ අද (14) අලුයම සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද උඩ මළුව වෙත වැඩම කරවනු ලැබුවා.

එලෙස ශ්‍රී පාද උඩ මළුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩම කරවීමෙන් අනතුරුව, ශ්‍රී පාද පද්මය සුවඳ පැණින් දෝවනය කර ආගමික වතාවත් සිදුකළේ මහා සංඝ රත්යන විසින්.

අනතුරුව අද (14) උදෑසන යෙදුණු සුභ නැකතට අනුව; වැඩම්ම වූ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කිරීමෙන් පසු ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කළ බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් විසින් නිවේදනය කළා.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වූ පළමු දිනය වූ අද දිනයේ දී විශාල බැතිමතුන් පිරිසක් උතුම් ශ්‍රී පාද පද්මය වැඳ ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණ සිටියා.

මේ අතර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට මාර්ග හතරක් ඔස්සේ වැඩම කළ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රිය පෙරහැර ගමන් ගත් මාර්ග දෙපසට විශාල බැතිමතුන් පිරිසක් රැස්ව සිටිමින් පුෂ්ප උපහාර දැක්වූවා.

මෙවර හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂිත ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ අතර මෙවර ශ්‍රී පාද වන්දනා වාරයේ දී වන්දනාකරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමට පියවර ගෙන තිබීම හේතුවෙන් ප්ලාස්ටික් වතුර බෝතල් උඩ මළුව දක්වා රැගෙන යාම තහනම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?