සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට එංගලන්ත නායක හැරී බෲක් සමත් වූ අතර, පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 05.00ට ඩර්හැම්, බෑන්ක්ස් හෝම්ස් රිවර්සයිඩ් පිටියේදී ආරම්භ වීමට නියමිතයි.
සිය ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්තය පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස්කර ගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා හිමිව ඇති ඉලක්කය ලකුණු 266ක්.
අද දිනයේ ජාත්‍යන්තර වරම් දිනාගත් ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක සචිඳු කොළඹගේ සහ වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු අතර කඩුලු 03 බැගින් බෙදී ගියා.













