ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹේ (ඡායාරූප)

2024-2025 ශ්‍රී පාද වන්දනා වාරය අද (14) දිනයේ සිට ආරම්භ වුණා.

පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර, අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත් බලංගොඩ, බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර, පලාබද්දල සහ රජමාවත ඔස්සේ අද (14) අලුයම සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද උඩ මළුව වෙත වැඩම කරවනු ලැබුවා.

එලෙස ශ්‍රී පාද උඩ මළුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩම කරවීමෙන් අනතුරුව, ශ්‍රී පාද පද්මය සුවඳ පැණින් දෝවනය කර ආගමික වතාවත් සිදුකළේ මහා සංඝ රත්යන විසින්.

අනතුරුව අද (14) උදෑසන යෙදුණු සුභ නැකතට අනුව; වැඩම්ම වූ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කිරීමෙන් පසු ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කළ බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් විසින් නිවේදනය කළා.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වූ පළමු දිනය වූ අද දිනයේ දී විශාල බැතිමතුන් පිරිසක් උතුම් ශ්‍රී පාද පද්මය වැඳ ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණ සිටියා.

මේ අතර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට මාර්ග හතරක් ඔස්සේ වැඩම කළ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රිය පෙරහැර ගමන් ගත් මාර්ග දෙපසට විශාල බැතිමතුන් පිරිසක් රැස්ව සිටිමින් පුෂ්ප උපහාර දැක්වූවා.

මෙවර හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂිත ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ අතර මෙවර ශ්‍රී පාද වන්දනා වාරයේ දී වන්දනාකරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමට පියවර ගෙන තිබීම හේතුවෙන් ප්ලාස්ටික් වතුර බෝතල් උඩ මළුව දක්වා රැගෙන යාම තහනම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16