ශ්‍රීලනිපයේ වැඩ බලන සභාපති තනතුරට නිමල් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා තේරී පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (08) පෙරවරුවේ පැවති අතර, එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

නිමල් සිරිපාල ද සිල්වා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙස කටයුතු කළ අතර, පක්ෂයේ සභාපති තනතුරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළා.

කෙසේ වෙතත් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගිය 04 වනදා නිකුත් කළ වාරණ නියෝගයත් සමගයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

අදාළ නියෝගයෙන් පසු අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ මාධ්‍ය හමුවක්ද පවත්වනු ලැබුවා.

පවතින තත්ත්වය යටතේ නිදහස් පක්ෂ මූලස්ථානයට පොලිස් ආරක්ෂාව සපයනු ලැබුවේ එහි ලිපිලේඛන රැසක් අතුරුදන්ව ඇති බවට දුෂ්මන්ත මිත්‍රපාල සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීම අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී කැඳවා තිබුණා.

ඒ, පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින්.

එම පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද මෙම දේශපාලන මණ්ඩල රැස්වීම සඳහා පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40