වෝන් – මුරලි 07 වැනි ටෙස්ට් ශූරතාව අද ඇරඹෙයි

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (29) පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගාවලිය 2024/25 ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තුව තවදුරටත් තබා ගැනීම සඳහා දෙපිළටම තීරණාත්මක වනු ඇති.

වෝන් – මුරලි ටෙස්ට් කුසලානය 2007/2008 වර්ෂයේ දී ආරම්භ වී ඇති අතර අද පැවැත්වෙන්නේ එම තරගාවලි දිගුවේ 07 වැනි තරගාවලියයි.

මෙම ශූරතාව වැඩිම වරක් තමන් සතු කරගෙන ඇත්තේ ද ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වන අතර ශ්‍රී ලංකාව එක් අවස්ථාවක පමණක් මෙම කුසලානය ඔසවා තිබෙනවා.

2022 වසරේ පැවති වෝන් – මුරලි කුසලානය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

එබැවින් ශ්‍රී ලංකාවට මෙම තරගය වඩාත් වැදගත් වනු ඇති.

ඔස්ට්‍රෙලියානු නායකත්වය ස්ටීවන් ස්මිත් හට හිමි ව තිබෙන අතර ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.

අද තරගයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු කුමාර හෝ විශ්ව ප්‍රනාන්දු එක්විය හැකි අතර ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ස්කොට් බෝලන්ඩ් හෝ ටොඩ් මර්ෆි එක් වීමට නියමිතයි.

සෙසු ක්‍රීඩකයින් ලෙස;

ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න, ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, නිෂාන් පීරිස්, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර/ විශ්ව ප්‍රනාන්දු යි.

ඔස්ට්‍රෙලියානු පිතිකරණ ලැයිස්තුව සැකසී ඇත්තේ; උස්මන් කවජා, ට්‍රවිස් හෙඩ්, මාර්නස් ලබුෂේන්ග්, ස්ටීවන් ස්මිත්, ජොෂ් ඉංග්ලිෂ්, බියු වෙබ්ස්ටර්, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්ටාක්, මැතිව් කුහ්නමන්, නෙතන් ලියෝන්, ස්කොට් බෝලන්ඩ් හෝ ටොඩ් මර්ෆි වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48