වෙළඳපොළේ පොල් තෙල් මිල ඉහළ දැමීමේ සූක්ෂම උත්සාහයක්

පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින් යැයි කියා ගන්නා පිරිසක් සූක්ෂම ලෙස පොල් තෙල් මිල වැඩි කිරීමේ උත්සාහයක නිරත වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසනවා.

දැනට වෙළඳපොළේ පොල් තෙල් හිඟයක් ඇති කිරීම ඔවුන්ගේ පළමු ක්‍රියාදාමය වී ඇති බව පැවසූ සභාපතිවරයා පසුගිය වසරේ ද ඔවුන් පොල් තෙල් මිල ඉහළ දැමීමක් සිදුකරණු ලැබූ බවයි සඳහන් කර සිටියේ.

පොල් තෙල් නිෂ්පාදනය කිරීම මෙම පිරිස් නිසි අමුද්‍රව්‍ය යොදා නොගන්නා බවත්, එමෙන්ම මිලෙන් අඩු ෆාම් තෙල් පොල් තෙල් හා කවලම්කර අලෙවිකරණ බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

“මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 120 – 130 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොල් මිල ඉහළ යාමට විවිධ හේතූන් බලපෑම් සිදුකරනවා.පොල් මිල ඉහළ ගියත් පොල් තෙල් වෙළඳපෝළේ අලෙවි වන්නේ සාධාරණ මිලකට, එය එසේ සිදුවන්නේ පොත් තෙල් සැපයීමේ කිසියම් සාධාරණයක් හා කාර්යක්ෂමතාවයක් තිබෙන නිසා. නමුත් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින් යැයි කියා ගන්නා එක්තරා පිරිසක් පොල් තෙල් මිල ඉහළ දැමීමට පාර කපමින් සිටින බවට අපට දැනගන්නට ලැබී තිබෙනවා. දැනට වෙළඳපොළේ පොල් තෙල් හිඟයක් ඇති කිරීම ඔවුන්ගේ පළමු වැනි ක්‍රියාදාමය වනවා. මේ ආකාරයට ඔවුන් පසුගිය වසරේ ද පොල් තෙල් මිල ඉහළ දැමීමක් සිදුකරණු ලැබුවා. පොල් තෙල් නිෂ්පාදනය කිරීම සදහා නිසි අමුද්‍රව්‍ය මෙම පිරිස විසින් යොදාගන්නේ නෑ. ඒ වගේම මේ අය කරන්නේ මිලෙන් අඩු ෆාම් තෙල් පොල් තෙල් හා කළවම්කර අලෙවි කිරීමයි. එය මිනිස් සිරුරට ඉතාමත්ම අහිතකරයි. එයින් ඔවුන් අධික ලාභයක්ද උපයා ගන්නවා. පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින් යැයි කියා ගන්නා මෙම කණ්ඩායමේ අරමුණ සාර්ථක වුවහොත් සිදුවන්නේ පොල් තෙල් මිල ඉහළ යාම පමණක් නොව විෂ ෆාම් තෙල් කලවම් කරන ලද පොල් තෙල් වෙළඳපොළට අලෙවිය සදහා නිකුත් කිරීමයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12