spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විහාරාධිපති හිමියන්ට ගුටි දී පළාගිය කසිප්පු මුදලාලි දුම් කවුළුව අස්සේ රිංගලා

මිල්ලනිය – රද්දේගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයට කඩා වැදී එහි විහාරාධිපති හිමියන්ට සහ ආවතේවකරුට පහරදුන් එම ප්‍රදේශයේ මත්පැන් ජාවාරමේ නියලෙන පුද්ගලයෙක් මිල්ලනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා නිවසේ දුම් කවුළුවේ සැඟව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ගෝඩා අඩංගු බැරලයක් සහ නීති විරෝධී මත්පැන් ස්ප්‍රිත්තු මිලි ලීටර් 5,000ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් පහර කෑ විහාරාධිපති හිමියන් ප්‍රතිකාර සඳහා හල්තොට රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ඊයේ (30) රාත්‍රී 10.00ට පමණ විහාරස්ථානයට කඩා වැදී එහි වැඩ වාසය කළ තරුණ හිමිනමක්  විහාරස්ථානයෙන්  පිටව යාම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන්ට බැණ වදිමින් පහරදී ගෙළ මිරිකා ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹු පොලිසිය සැකකරු සිය නිවසේ දුම් කවුළුවේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනීම සමත්ව තිබෙනවා.

සැකකරු අද (31) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
2
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?