විහාරාධිපති හිමියන්ට ගුටි දී පළාගිය කසිප්පු මුදලාලි දුම් කවුළුව අස්සේ රිංගලා

මිල්ලනිය – රද්දේගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයට කඩා වැදී එහි විහාරාධිපති හිමියන්ට සහ ආවතේවකරුට පහරදුන් එම ප්‍රදේශයේ මත්පැන් ජාවාරමේ නියලෙන පුද්ගලයෙක් මිල්ලනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා නිවසේ දුම් කවුළුවේ සැඟව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ගෝඩා අඩංගු බැරලයක් සහ නීති විරෝධී මත්පැන් ස්ප්‍රිත්තු මිලි ලීටර් 5,000ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් පහර කෑ විහාරාධිපති හිමියන් ප්‍රතිකාර සඳහා හල්තොට රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ඊයේ (30) රාත්‍රී 10.00ට පමණ විහාරස්ථානයට කඩා වැදී එහි වැඩ වාසය කළ තරුණ හිමිනමක්  විහාරස්ථානයෙන්  පිටව යාම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන්ට බැණ වදිමින් පහරදී ගෙළ මිරිකා ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹු පොලිසිය සැකකරු සිය නිවසේ දුම් කවුළුවේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනීම සමත්ව තිබෙනවා.

සැකකරු අද (31) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12