දෙවිනුවර පෙරහැරේ කාවඩි නටන්න දෙනවා ද නැද්ද, අවසන් තීරණය ගන්න අද හවස විශේෂ සාකච්ඡාවක්

මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පතිවරයා සහ මාතර දිස්ත්‍රික් ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (27) පස්වරුවේ පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ හෙට (28) දිනයේ පැවැත්වෙන පෙරහැරේ කාවඩි නර්තන අංගය පැවැත්වීමට අවස්ථාව ලබාදෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය මෙම සාකච්ඡාව තුළ ගැනීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර විෂ්ණු මහා දේවාලයේ හෙට පැවැත්වෙන පෙරහැරෙන් කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ඊයේ (27) දිනයේ ලිඛිත නිර්දේශයක් යොමුකර තිබුණා.

පොලිස්පතිවරයා මෙම නිර්දේශය සිදුකර තිබුණේ ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදුන් බුද්ධි තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් .

එම බුද්ධි තොරතුරු වලට අනුව කාවඩි කණ්ඩායම් තෝරා ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර මතභේදයක් මතුව ඇති අතර, ඇතැම් පාර්ශ්වවලින් බරපතළ තර්ජන ද එල්ල වී ඇති බව සඳහන්.

පොලිස්පතිවරයාගේ මෙම නිර්දේශයත් සමඟ මේ සම්බන්ධයෙන් සමාජය තුළ මේ වනවිට දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

සමාජය තුළ නිර්මාණය වී ඇති මෙම කතා බහත් සමඟ ඒ පිළිබදව අවසන් තීරණයක් ගැනීමට අද (28) පස්වරුවේ මෙම විශේෂ සාකච්ඡාව පැවැත් වෙන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහ පෙරහැරේ, ජූලි 28 පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත නිර්දේශයක් යොමු කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted