spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශ්වවිද්‍යාල සිසුන් ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වටලයි

බලපත්‍ර නොමැතිව පේරාදෙණිය, ගෙළිඔය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වටලා තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය පවසනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ එහි කළමානාකාරවරයා පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් මෙම සම්භාහන මධ්‍යස්ථානයට නිතර පැමිණෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපතිගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
6
+1
34
+1
5
+1
7
+1
7
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?