විදෙස් දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

මන්නාරම, තාවුල්පාඩු ප්‍රදේශයේ කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී එම ප්‍රදේශයේ වෙළඳසැලක් පරික්‍ෂාවට ලක්කර එහි අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

නාවික හමුදා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුරුණෑගල සහ මන්නාරම ප්‍රදේශවල පදිංචි අවුරුදු 23 සහ 63 ක් වන දෙදෙනෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම සැකකරුවන් දෙදෙනා සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?