විගණකාධිපතිවරියගේ වැටුප් අනුමත කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

විගණකාධිපති ධුරයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, විගණකාධිපතිවරියගේ වැටුප අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, එම්.කේ.එම්. අස්ලම්, තිලිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී පසුගියදා (04) රැස්වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපති ධුරයේ වැටුප් සම්බන්ධයෙන් අදාළ යෝජනාව කාරක සභාවේ අවධානයට යොමු කර තිබුණා.

එහිදී විගණකාධිපතිවරියගේ වගකීම්, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා විගණන ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් වැටුප් මට්ටම පිළිබඳව කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් කරනුය් ලැබුවා.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 170 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපති රාජ්‍ය සේවකයකු නොවන බවත් පවත්නා රාජ්‍ය වැටුප් පරිමාණයෙන් බැහැරව විගණකාධිපතිවරයාගේ වැටුප සඳහා විශේෂ සැලකිල්ලක් යොමු කළ හැකි බවත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභාව පවසා සිටියා.

යොජිත වැටුප, මීට පෙර සිටි විගණකාධිපතිවරුන්ගේ වැටුප් ද සලකා බලමින් මෙම තිරණයට එළඹුණ බව නිලධාරීන් විසින් පවසනු ලැබුවා.

මිට පෙර, එය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවෙන් තිරණය කළ ද වර්තමානයේ එවැනි කොමිසමක්
නොමැති බවත් නිලධාරීන් සදහන් කළා.

විගණකාධිපතිවරිය සඳහා යෝජිත වැටුප් මට්ටම අනුමත කළ ද, එම තනතුරට පැවරී ඇති වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගනිමින් වැටුප තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය යුතු බවට කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ
අදහස වුණා.

ඒ අනුව, අදාළ වැටුප් මට්ටම සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් අවධානය යොමු කර අවශ්‍ය තීරණ ගැනීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී පෙන්වා දුන් අතර ස්ථිර සහ ස්වධින වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපිත කරන ලෙස කාරක සභාවේ සභාපති යොජනා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40