spot_imgspot_img
spot_img

වැස්සත් එක්ක ගාල්ලේ පාරවල් රැසක් ජලයෙන් යටවෙයි

පවතින දැඩි වර්ෂාපතනයත් සමග ගාල්ල අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ගාල්ල – බද්දේගම මාර්ගය, ගාල්ල – වක්වැල්ල මාර්ගය සහ ගාල්ල – මාපලගම යන මාර්ගවල ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති බවයි.

මෙම මාර්ග ජලයෙන් යටවී ඇත්තේ මෙම සතියේ තුන්වන වතාවටයි.

ජනතාව චෝදනා කරන්නේ අවිධිමත් ඉදි කිරීම් මෙන්ම අනවසර ඉදි කිරීම් හේතුවෙන් මෙලෙස මාර්ග ජලයෙන් යටවන බවයි.

මාර්ග ජලයෙන් යටවීම හමුවේ රථ වාහන ගමනාගමනයට ද බාධා මතුවී තිබෙනවා.

මේ අතර අද පැවැති දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරය ද ජලයෙන් යට වී තිබෙනවා.

විශේෂයෙන් දකුණේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වූ මිරිස්ස නගරය මුහුද පෙනි පෙනී මෙලෙස ජලයෙන් යට වීමට හේතුවක් නොමැති අතර අනවසර ඉදිකිරීම් සහ ජලය බැස යන කාණු පද්ධතියක් නොමැති වීම මීට හේතුව බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් මෙම තත්ත්වය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව ද ජනතාව ජනතාව පෙන්වා දෙනවා.

මෙහිදී ජල ගැලීම හේතුවෙන් මාර්ගයේ දෙපස ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ජලයෙන් යටව තිබූ අතර පැය කීපයක් තිස්සේ ගමනාගමනයට බාධා පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?