අයහපත් කාලගුණය නිසා පේරාදෙණි සරසවියේ සියලුම අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවයි (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග, නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසන්නේ, විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය සේවාවන් තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

මේ සමඟ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිසු සිසුවියන්ට උපදෙස් කිහිපයක් ලබා දී ඇති අතර, එහිදී තම ගම් ප්‍රදේශ වෙත ආරක්ෂිතව ගමන් කළ හැකි සිසුන්ට පිටත්ව යා හැකි අට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම නිවෙස් වෙත යාමට නොහැකි සිසුන්ට ‘සරසවි මැදුර’ නේවාසිකාගාරය හැර විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරිපාලනය දැනුවත් කර රැඳී සිටිය හැකි බවත් දැනුම් දෙනවා.

අවදානම් සහිත පෞද්ගලික නේවාසික ස්ථානවල රැඳී සිටින සිසුන් ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත පැමිණෙන්නේ නම්, ඔවුන් පිළිගෙන අවශ්‍ය වාර්තා පවත්වා ගන්නා ලෙස නේවාසිකාගාර පාලනාධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර කිසිදු සිසුවෙකු නේවාසිකාගාරවලින් පිටව යාමට බල නොකරන බව ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48