වැස්සත් එක්ක ගාල්ලේ පාරවල් රැසක් ජලයෙන් යටවෙයි

පවතින දැඩි වර්ෂාපතනයත් සමග ගාල්ල අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ගාල්ල – බද්දේගම මාර්ගය, ගාල්ල – වක්වැල්ල මාර්ගය සහ ගාල්ල – මාපලගම යන මාර්ගවල ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති බවයි.

මෙම මාර්ග ජලයෙන් යටවී ඇත්තේ මෙම සතියේ තුන්වන වතාවටයි.

ජනතාව චෝදනා කරන්නේ අවිධිමත් ඉදි කිරීම් මෙන්ම අනවසර ඉදි කිරීම් හේතුවෙන් මෙලෙස මාර්ග ජලයෙන් යටවන බවයි.

මාර්ග ජලයෙන් යටවීම හමුවේ රථ වාහන ගමනාගමනයට ද බාධා මතුවී තිබෙනවා.

මේ අතර අද පැවැති දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරය ද ජලයෙන් යට වී තිබෙනවා.

විශේෂයෙන් දකුණේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වූ මිරිස්ස නගරය මුහුද පෙනි පෙනී මෙලෙස ජලයෙන් යට වීමට හේතුවක් නොමැති අතර අනවසර ඉදිකිරීම් සහ ජලය බැස යන කාණු පද්ධතියක් නොමැති වීම මීට හේතුව බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් මෙම තත්ත්වය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව ද ජනතාව ජනතාව පෙන්වා දෙනවා.

මෙහිදී ජල ගැලීම හේතුවෙන් මාර්ගයේ දෙපස ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ජලයෙන් යටව තිබූ අතර පැය කීපයක් තිස්සේ ගමනාගමනයට බාධා පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03