රුපියල් එක්කෝටි දහඅට ලක්ෂ හැත්තෑ දහසක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ වැසිකිළියක් තුළ තිබී සොයා ගෙන තිබෙනවා.
ගුවන් තොටුපොළේ කාන්තා වැසිකිළියක තිබූ කසළ බඳුන් දෙකක් තුළ දමාගොස් තිබිය දී මෙම මත්ද්‍රව්‍ය තොගය අද (03) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
කිලෝ 01යි ග්‍රෑම් 187ක බරකින් යුතු මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය පැකැට් 07ක් තුළ අසුරා තිබී ඇති අතර, ඒවා සමඟ කාන්තා පාවහන් යුගළ කිහිපයක් සහ කාන්තා ඇදුම් කිහිපයක් ද තිබී හමුව තිබෙනවා.
ගුවන් තොටුපොළෙන් පිට වී යාමට ආසන්න මොහොතක දී ඇති වූ සැකය මත යම් ගුවන් මගියෙක් මෙම මත්ද්‍රව්‍ය තොගය කසළ බදුනට දමා යන්නට ඇතැයි රේගු නිලධාරීන් සැක පල කරනවා.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.













