වැලිගම වෙඩි තැබීමේ පෙත්සම සලකා බැලීම 26 වැනිදා

2023 වසරේ දෙසැම්බර් මස මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රීට් පෙත්සම මාර්තු 26 වැනිදා කරුණු සලකා බැලීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය අද (21) දින නියම කළා.

පෙත්සම කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය පැවසුවේ, පෙර නඩු වාරයේ දී අධිකරණයේ පෙත්සම්කාර පාර්ශ්වය සමඟ පැමිණි එකඟතාව ඉදිරියට පවත්වාගෙන යෑමට විරුද්ධ වන බවයි.

එමෙන්ම සැකකරුවන් මේ වනවිට මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මෝසමක් ගොනු කරමින් භාර වී ඇති නිසා මෙම පෙත්සම පවරා පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නැති බව ද ඇය අවධාරණය කර සිටියා.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා පැවසුවේ, පෙත්සම්කාර කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා තවමත් මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර නැති බැවින් ඔහු සම්බන්ධයෙන් මීට පෙර දෙපාර්ශ්වය පැමිණ එකඟතාව ඉදිරියට පවරා පවත්වාගෙන යන ලෙසයි.

එමෙන්ම පෙත්සම පවරා පවත්වාගෙන යෑම ගැටලුවක් නොමැති බව අවධාරණය කළ ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් තුළ කැඳවන ලෙසයි.

ඒ අනුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා සම්බන්ධයෙන් අධිකරණයේ මීට පෙර පැමිණි එකඟතාව අනුව කටයුතු කිරීමටත් සෙසු සැකකරුවන් සම්බන්ධ ව එම එකඟතාව ඉදිරියට නොපවත්වාගෙන යන බවත් ප්‍රකාශ කළා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු 26 කැඳවීමට දින නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56