තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙක් නිරුපද්‍රිතව මුදාගැනීමට නාවික හමුදාව අද (11) සමත් වුණා.
මෙලෙස මුදාගෙන ඇත්තේ, දකුණු ඉන්දියාවේ සිට යාත්‍රාවකින් පැමිණ අතරමංව සිටි වයස අවුරුදු දහහතක අයෙක්.
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින්, සිදුකළ මෙම මුර සංචාරයේදී එම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු එම නිලධාරින්ට නිරීක්ෂණය වී තිබෙනවා.
ඒ, අනුව ඔහුව බේරාගෙන නාවික හමුදාව විසින් ඔහු තම්මැන්නා ආයතනය වෙත රැගෙනවිත්, අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කෙරුණා.
මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා නාවික හමුදාව විසින් මෙම පුද්ගලයා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.













