‘SLINEX – 2026’ ඉන්දු-ලංකා නාවික අභ්‍යාසයට ‘සිඳුරළ’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ‘SLINEX – 2026’ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව අද (11) දිනයේ දිවයිනෙන් පිටත්ව ගියා.

ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර සහයෝගීතාව, අන්තර් ක්‍රියාකාරීත්වය සහ වෘත්තීයමය අත්දැකීම් හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය වාර්ෂිකව පවත්වනු ලබනවා.

මෙවර අභ්‍යාසය 2026 සැප්තැම්බර් 14 සිට 18 දක්වා ඉන්දියාවේ විසාකපට්නම්හි දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව, ‘SLINEX – 2026’ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වීමට සිඳුරළ නෞකාව මෙලෙස දිවයිනෙන් පිටත්වූ අතර, නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිටත්වීම, අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අතුල ජයවීරගේ අධීක්ෂණය යටතේ කොළඹ වරායේදී සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53