විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව පළමු වරට රැස්වෙයි

විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස් වුණා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මීට සමගාමීව විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කොන්සියුලර් අංශයන් ද ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීම සහ රාජ්‍ය ආයතන කොන්සියුලර් පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම ඇතුළු කරුණු කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වුණා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් කේ. කේ. ටී. කුමාරසිරි, ‍විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත ගනේගමආරච්චි, ඩිජිටල් අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය මනෝජ් ගමගේ, GovTech Sri Lankaහි ඩිජිටල් පරිවර්තන අංශ ප්‍රධානී Michael Helm ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57