වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්රයට එල්ල වී ඇති තර්ජනය පිළිබඳ දැනුම්වත් කරමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් නිකුත් කර ඇති ප්‍රකාශ ඇතුළු නිල පුරෝකථන අනුව, 2027 වසරේ මුල් භාගය වන විට 450 MWh දක්වා බලශක්ති හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බම එම ලිපියේ සඳහන්.
වහල මත සුර්ය විදුලි පද්ධති සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති (RTSPV) වේගයෙන් ව්‍යාප්ත කිරීම මෙම අර්බුදය අවම කිරීම සඳහා වඩාත් ප්‍රායෝගික විසඳුමක් බව ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපිය මඟින් පෙන්වා සි තිබෙනවා.
මෑතකදී නිකුත් කර ඇති ප්‍රතිපත්තිමය උපදෙස්, ජාතික විදුලිබල පද්ධතියට සහාය විය හැකි මෙම ක්ෂේත්රයේ පැවැත්මටම තර්ජනයක් වී ඇති බවයි අදාළ ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ.













