ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු විසින් බස් රථයේ ජනේලයෙන් ඉවතට පිටතට විසි කරනු ලැබූ පොලිතින් මල්ලක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ තවත් ලංගම බස් රථයක ඉදිරිපස වීදුරුවේ වැදී සිදුවූ හානියට රුපියල් 18,000ක මුදලක් අදාළ මගියාට ගෙවීමට සිදුවූ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වුණා.
.හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාර පාලිත වීරසුරිය පැවසුවේ, හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක අඹුසැමි යුවළක් තම දරුවා සමඟ බගවන්තලාව දක්වා ගමන් කරමින් සිටියදී, දරුවා බස් රථය තුළ වමනය කර ඇති බවයි.
පසුව දරුවාගේ පියා විසින් එම වමනය පොලිතින් මල්ලකට දමා, බස් රථයේ ජනේලයෙන් ඉවතට විසි කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.
එම අවස්ථාවේ දී වමනය සහිත මල්ල ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ රියැදුරු අසුනේ ඉදිරිපස වීදුරුවේ වැදී ඇති බවට තොරතුරු හෙළිවූ බව කළමණාකාරවරයා සඳහන් කළා.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයේ රියදුරු ඇතුළු බස් රථ දෙකේම රියදුරන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මගියා ද සමඟ නෝර්වුඩ් පොලිසිය වෙත ගොස් පැමිණිලි කිරීමට සූදානම්ව තිබෙනවා.
කෙසේ වෙතත් එම වරද සිදුකළ මගියා විසින් සිදුකළ වරද පිළිගෙන ඩිපෝව වෙත පැමිණ සිදුවූ හානියට මුදල් ගෙවා ගෙවා සිද්ධිය සමතයකට පත් කරගත් බවයි ඩිපෝ කළමනාකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ.










